ආසියාන් සාමාජිකත්වය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ජනපති පවසයි
2023-08-10 16:10:42
Share with:

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’සංවිධානයේ ඉදිරි දැක්ම සමග එකඟ වන අතර එම දැක්ම ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයේදීය.

දේශගුණික විපර්යාස පිළිබඳව ද සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙන්ම නීල ආර්ථිකයේ විභවය අවබෝධ කර ගනිමින් ආසියාන් සංවිධානයේ අනෙකුත් රටවල්  අත්වැල් බැඳගෙන එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම