පකිස්තාන ජාතික සභාව විසුරුවා හැරීමට ජනපති අනුමැතිය
2023-08-10 09:27:46
Share with:

පකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ජාතික සභාව විසුරුවා හැරීමට එරට අගමැතිවරයා දුන් උපදෙස ජනාධිපති Arif Alvi මහතා අනුමත කරයි. ජනාධිපති මන්දිර මාධ්‍ය අංශයේ ප්‍රකාශයක මේ බව දැක්වේ.

පකිස්තාන ෆෙඩරල් රජය තෝරා පත් කර ගනු ලබන්නේ ජාතික සභාව මගිනි. මේ නිසා ජාතික සභාව විසුරුවා හැරීම, Shehbaz Sharif අගමැතිවරයා ප්‍රමුඛ මධ්‍යම ආණ්ඩුව බලයෙන් පහ වීමට හේතු වනු ඇත.

පකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික සභාවේ නිල කාලය අවසන් වීමට පෙර එය විසුරුවා හරින්නේ නම් දින 90 ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය යුතු වේ. නියමිත කාලය සම්පූර්ණ කර ඇත්නම් දින 60 ක් ඇතුළත මහ මැතිවරණය පැවැත්වෙනු ඇත.

ආණ්‌ඩුව බල රහිත වීමෙන් පසු ඉදිරි මහ මැතිවරණය තෙක්‌ භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සඳහා වත්මන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම