කඩිනම් සටන් විරාමයකට එළඹෙන ලෙසට සුඩානයේ විවිධ පාර්ශ්වයන්ට චීනයෙන් ඉල්ලීමක්
2023-08-10 10:02:30
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප ස්ථාවර නියෝජිත Dai Bing මහතා ඊයේ(9) ආරක්ෂක මණ්ඩලයේ සුඩාන ප්‍රශ්නය පිළිබඳ රැස්වීමේදී කඩිනම් සටන් විරාමයකට එළඹෙන ලෙස සුඩානයේ විවිධ පාර්ශ්වයන් ගෙන්  ඉල්ලා සිටියේය.

මාස 4ක් පුරා සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් මිය ගිය හා තුවාළ ලැබූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාමෙන් මානුෂීය අර්බුද තත්ත්වය වඩාත් බරපතල වෙමින් ඇතැයි Dai Bing මහතා එහිදී පැවසීය. රටේ හා ජනතාවගේ ප්‍රතිලාභ මූලික කර ගනිමින් අදාළ පාර්ශ්ව සටන් විරාමයකට එළඹෙමින් තත්ත්වය සමනය කිරීමට ක්‍රියා කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. එමගින් සාමකාමීව සංහිඳියාව ළඟා කර ගැනීම වෙනුවෙන් කොන්දේසි නිර්මාණය කළ හැකි ය. කලාපීය රටවල ඉල්ලීම් වලට සවන් දෙමින් සුඩානයේ තත්ත්වය සමනය කිරීම වෙනුවෙන් එම රටවල් හා කලාපීය සංවිධාන දරන උත්සාහයන්ට සහාය ලබා දිය යුතු අතර බාහිර බලවේග බලහත්කාරයෙන් සිය විසඳුම් ලබා දීම හා සම්බාධක පැනවීමෙන් වැළැකිය යුතු බවද Dai Bing මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම