නවීන තාක්ෂණය සමග ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙළක්
2023-08-10 13:58:19
Share with:

ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට සිය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි. වත්මන් ආර්ථික අභියෝග ජය ගනිමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට ධීවර අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව ද හෙතෙම කියාසිටියේය.

රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගතයුතු බවත්, වසර 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට නම් සියලුදෙනා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවොම එක මඟකට” මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම