රුසියාව "මිත්‍රශීලී නොවන රටවල්" සමඟ බදු ගිවිසුම්වල ඇතැම් විධිවිධාන අත්හිටුවයි
2023-08-09 09:42:24
Share with:

මිත්‍රශීලී නොවන රටවල් 38 ක් සමඟ ද්විත්ව බදුකරණ ගිවිසුම් තුළ ඇතැම් විධිවිධාන අත්හිටුවීමේ නියෝගයකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ(8) අත්සන් කළේය.

ද්විත්ව බදු ගිවිසුමක් යනු ආදායම් ද්විත්ව බදුකරණය ඉවත් කිරීමට උත්සාහ කරන රටවල් දෙකක් අතර ද්විපාර්ශ්වික ගිවිසුමකි.

රුසියාවේ නිල නෛතික තොරතුරු ඇතුළත් වෙබ් පිටුවෙහි මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ. එහි පුරවැසියන් සහ නීතිමය ආයතන සම්බන්ධයෙන් විදේශ රටවල මිත්‍රශීලී නොවන ක්‍රියා සම්බන්ධයෙන් “හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාවය මත පදනම්ව”මෙම තීරණය ගෙන ඇති බව එහි සඳහන්ය.

රුසියාව "මිත්‍රශීලී නොවන" ලෙස වර්ගීකරණය කර ඇති රටවල් අතර ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, සිංගප්පූරුව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙම පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම