රසායනික හා කාබනික පොහොර වර්ග දෙකම භාවිතයට උපදෙස්
2023-08-09 17:20:50
Share with:

රසායනික හා කාබනික පොහොර වර්ග දෙකම යෙදීම තුළින් අස්වැන්න වැඩි කර ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ රසායනික පොහොර භාවිතය පරිසරයට හිතකර නොවන හෙයින් ක්‍රමානුකූලව රසායනික පොහොර භාවිතය අඩු කර කාබනික පොහොර භාවිතය ආරම්භ කරන ලෙසයි. වර්තමාන කෘෂිකර්මාන්තයේ පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ගැනීමට කටයුතු කර ගත යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම