රජය කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2023-08-09 17:19:57
Share with:

රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත්, ඒ පිළිබඳ ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් අසත්‍ය මත සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සමනළ වැව ජලාශයෙන් ලබා දිය හැකි උපරිම ජල ප්‍රමාණය විදුලිය උත්පාදනය වෙනුවෙන් ලබාදීමට, කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එහෙයින් දිවයින පුර සියලු ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම