දශක ගණනාවකට පසු උෂ්ණාධිකම මාසය බවට ජූලි මාසය පත්වෙයි
2023-08-09 09:37:33
Share with:

යුරෝපා සංගමයේ දේශගුණ අධීක්ෂණ ආයතනයක් වන Copernicus දේශගුණ විපර්යාස ‍සේවා දෙපාර්තමේන්තුව ඊයේ(8) නිවේදනයක් පළ කරමින් ප්‍රකාශ කළේ ගෙවී ගිය ජූලි මස 1940 වසරෙන් පසු වාර්තා වූ උෂ්ණාධිකම මාසය බවට පත් වූ බවයි. එය බොහෝ උෂ්ණත්ව වාර්තා බිඳ හෙළා තිබේ.

එම නිවේදනයට අනුව පසුගිය ජූලි මස ගෝලීය සාමාන්‍ය භූමි උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.95කි. මීට පෙර ඉහළ ම උෂ්ණත්වයක් 2019 වසරේ ජූලි මාසයේ දී වාර්තා විය. ඒ ගෝලීය සාමාන්‍ය භූමි උෂ්ණත්වය සෙල්සියස් අංශක 16.63ක් ලෙසිනි. නව උෂ්ණත්ව වාර්තාවත් සමග ගෝලීය උෂ්ණත්වය වේගවත්ව ඉහළ යාමේ ප්‍රවණතාව පිළිබිඹු වේ. හරිතාගාර වායූ විමෝචනය ඊට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම