අද පාර්ලිමේන්තුවේදී ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
2023-08-09 17:18:53
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කර ඇත. මේ සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තීරණ ගැනීමේදී විපක්ෂයේ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ පුද්ගලික වාද විවාදවලින් වැළකී රටේ අනාගතය පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. රටේ දිගුකාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන තීරණ සහයෝගීව ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර අවංක එකමුතුවක් අවශ්‍ය බව ද ඔහු පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම