ඇමරිකාවේ බැංකු 10ක ණය ශ්‍රේණිගත කිරීම් පහළ දැමේ
2023-08-09 09:33:30
Share with:

මූඩීස් ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය ඇමරිකාවේ බැංකු 10ක ණය ශ්‍රේණිගත කිරීම් පහත දමයි. ඒ අතරම තවත් ණ‍ය දෙන ආයතන කිහිපයක ශ්‍රේණිගත කිරීම් අඩුවීමේ අවදානමක් පිළිබඳවද අනතුරු අඟවා තිබේ.

එම බැංකු 10යේ ශ්‍රේණිගත කිරීම් එක අගයකින් කපා හැර ඇති අතර, තවත් ඇතැම් බැංකු අවශ්‍රේණිගත කිරීමේ තත්ත්වය සලකා  සමාලෝචන මට්ටමට පත්කර ඇත.

අව‍ශ්‍රේණි ගත කළ බැංකු අතර M&T බැංකුව, Pinnacle Financial Partners, Prosperity Bank and BOK Financial Corp. ඇතුළත් වේ.

මීට අමතරව, මූඩීස් ආයතනය විසින් New York Mellon, U.S. Bancorp, State Street සහ Truist Financial ඇතුළු ප්‍රධාන ණය දෙන ආයතන හයක් සමාලෝචන මට්ට්මට පත්කර ඇත.

බොහෝ බැංකුවල දෙවෙනි කාර්තුවේ ප්‍රතිඵල මගින් ලාභ ලැබීමේ  පීඩනයන් මත අභ්‍යන්තර ප්‍රාග්ධනය උත්පාදනය කිරීමේ ඇති හැකියාවේ අඩු බවක් පෙන්නුම් කෙරෙන බවද මූ‍ඩීස් ආයතනය සඳහන් කරයි.‍

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම