Ren'ai කොරල්පර සිද්ධිය පිටුපස සිටින සැඟවුණු බාහිර බලවේගය කවුද?
2023-08-09 15:45:45
Share with:

චීන වෙරළාරක්ෂක බලකාය ඊයේ(8) වීඩියෝ පටයක් නිකුත් කළේය. එහි දැක්වෙන්නේ චීනයේ Nansha දූපත්හි Ren'ai කොරල්පරය ආසන්න මුහුදට අනවසරයෙන් ඇතුළු වූ පිලිපීන නෞකාවලට චීන වෙරළාරක්ෂක නෞකා අනතුරු ඇඟවීමේ ජල ප්‍රහාර එල්ල කළ ආකාරයයි.

කෙසේ වෙතත්, එවැනි සාධාරණ හා නීත්‍යානුකූල සමුද්‍ර අයිතීන් සුරැකීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ඇමරිකාව විසින් අසාධාරණ ලෙස අපකීර්තියට පත් කර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ චීනයේ ක්‍රියාව "ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක්" වන අතර පිලිපීනයේ "නීත්‍යානුකූල සාගර ක්‍රියාකාරකම් වලට " සිය සහාය ලබා දෙන බවයි. නමුත් සැබවින්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇත්තේ කවුරුන් ද යන්න මනාව විමසා බැලිය යුතුය.

Ren'ai කොරල්පරය යනු චීනයේ Nansha දූපත්වලට අයත් කොටසකි. 1999 වර්ෂයේ මැයි 9 වන දින, පිලිපීන නාවික හමුදාවේ පැරණි ටැංකි ගොඩබෑමේ නෞකාවක් "සැබවින්ම පාලනය කිරීමට" උත්සාහ කරමින් Ren'ai කොරල්පරය වෙත යාත්‍රා කර ඇත. ඉන් පසු, පිලිපීනය Ren'ai කොරල්පරයෙහි ස්ථීර ලෙස නැංගුරම් දැමීමේ අරමු‍ණින් යුතුව එම යුද නෞකාව එම ස්ථානයෙන් ඉවත් කර ගෙන නොමැත. පිලිපීනයේ මෙම ක්‍රියා කලාපය ජාත්‍යන්තර නීතිය සහ චීනය හා ආසියාන් රටවල් විසින් අත්සන් කරන ලද“දකුණු චීන මුහුදේ පාර්ශ්වයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රකාශය” බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව මෙමගින් හොඳින් පැහැදිලි වේ.

දීර්ඝ කාලයක් තිස්සේ, Ren'ai කොරල්පරයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය පිලිපීන පාර්ශ්වය සමග අවස්ථා රැසකදීම සාකච්ඡා කර ඇත. නමුත් පිලිපීනය එය නොසලකා හැර Ren'ai කොරල්පරයෙහි ඇති යුධ නෞකාව වෙත ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබේ. ඒ සමගම ඇමරිකාව පිලිපීනයේ එම නීති-විරෝධි ක්‍රියාවට සාගරයේදීම සහය ලබා දෙමින් යුද ගුවන් යානා හා යුද නැව් යොමු කර ඇත.

චීනය සහ ආසියාන් රටවල් "දකුණු චීන මුහුදේ ක්‍රියාකාරිත්ව රෙගුලාසි" පිළිබඳ සාකච්ඡා සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරමින් සිය කලාපයෙන් බාහිර බලවේගයන්ගේ මැදිහත්වීම්වලට ස්ථීරව විරුද්ධ වෙමින් කඩිනමින් දකුණු චීන මුහුදේ ගැටලුව විසඳා ගත යුතුව ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම