චීන ශිෂ්ඨාචාරය තුළ දැකිය හැකි අනන්‍ය ලක්ෂණ අපමණයි
2023-08-09 15:39:25
Share with:

ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී මහා ශිෂ්ඨාචාර කිහිපය අතර දැවැන්තම ශිෂ්ඨාචාරය බිහිවී ඇත්තේ චීනයෙන් බව කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සංනිවේදන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල කිර්ති පැස්කුවෙල් මහතා පවසයි. ඒ කහ ගග ආශ්‍රිතව බිහිවූ huanghe ශිෂ්ඨාචාරයයි. ලෝකයට බොහෝ නිපැයුම් හඳුන්වාදුන් ශිෂ්ඨාචාරයක් ලෙස huanghe ශිෂ්ඨාචාරය සැලකේ. ‘නිදා සිටින යෝධයෙක්” ලෙස විරුදාවලිය ලැබූ චීන රාජ්‍යය, වර්තාමනයේ දැවැන්ත ආර්ථික ශක්තියකින් හෙබි  රාජ්‍යයයකි. චීනය ඉතිහාසයේ සිටම සිය අනනන්‍ය වූ ගමනක නිරතව සිටී. එය චීන සංස්කෘතිය වඩාත් අමිශ්‍ර සංස්කෘතියක් බවට පත්ව තිබීමට බලපා තිබේ. වර්තමානයේ දී වුවද චීනය සැමවිටම චීන ලක්ෂණ සහිත යෝජනා ඉදිරිපත් කරයි. එය චීනය සතු සුවිශේෂී තත්ත්වයක් ලෙසට තමන් දකින බවද හෙතෙම පෙන්වා දෙයි.

චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමත් සමග නව ආකාරයේ චීන ආර්ථික සමාජ ස්වභාවයක් ගොඩනැගිණ. ඉතිහාසයේ සිට පැවති හැකියාවන් නවීකරණ, නවෝත්පාදන සමග සංකලනය කර ඉතා වේගයෙන් සංවර්ධනය කරා යාමට එතැන් සිට චීනය සමත්විය.

විශාල ජනගහනයක්, විශාල භූමි ප්‍රදේශයක් සහිත චීනය අතීත ඥානයන් නූතන ලෝකයට ගැලපෙන අයුරෙන් ක්‍රියාත්මක කිරීමේ දී සියවස් ගණනාවක් ඔවුන් ලද අත්දැකීම මනා ලෙස ප්‍ර‍යෝජනයට ගන්නා ආකාරයක් දැක ගත හැකිය. ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයන් පසු කර ඇති චීනයට විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ ශක්තියද පවතී. වර්තමානයේදී ද විවිධ බාහිර අභියෝග හමුවේ චීනය සිය අනන්‍යවූ ගමනක අඛණ්ඩව නිරතව සිටින්නේ එම අත්දැකීම් හේතුවෙන් යැයි තමන් විශ්වාස කරන බවද පැස්කුවෙල් මහතා පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම