පොදු ප්‍රවාහන සේවාව විධිමත් කිරීමට පියවර
2023-08-08 15:07:53
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ජාතික ගමනාගමන ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සහ පොදු ප්‍රවාහන සේවාව තුළ ඒකාබද්ධ කාලසටහන් සහ විද්‍යුත් ටිකට්පත් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

මගී ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සම්බන්ධව සියලු පාර්ශ්වයන්ට ඇතිවන ගැටලු මඟහරවා ගැනීම සඳහා E- ticketing ක්‍රමය යෝජනා වී ඇති බවත්, මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම