පිලිපීනයේ චීන තානාපතිවරයා පිලිපීන උප විදේශ අමාත්‍යවරියට Ren'ai ගල්පර ප්‍රශ්නය පිළිබඳ චීන ස්ථාවරය පැහැදිලි කරයි
2023-08-08 11:46:38
Share with:

Ren'ai ගල්පර ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය දරන ස්ථාවරය පිලිපීනයේ චීන තානාපතිවරයා එරට උප විදේශ අමාත්‍යවරියට පැහැදිලි කරයි. 

ඊයේ (7) පිලිපීනයේ චීන තානාපති Huang Xilian මහතා පිලිපීන උප විදේශ අමාත්‍ය Theresa P.Lazaro මහත්මිය හමුවිය. 

කාලයක සිට පිලිපීනය දෙරටේ පොදු එකඟතාවන් විනාශ කරමින් වත්මන් පාලන තත්ත්වය අභියෝගයට ලක් කරමින් එක්පාර්ශ්වික මෙහෙයුම් නිතර ක්‍රියාත්මක කරමින් සිටී. චීනයේ අනතුරු ඇඟවීම් නොසලකා පිලිපීනය අයුතු ලෙස Ren’ai ගල්පර ආශ්‍රිතව නීතිවිරෝධීව නෞකා දියත් කර ඇත. එම තත්ත්වය යටතේ චීනයට අත්‍යවශ පියවර ගැනීමට සිදු වූ බවත් චීන නාවික පොලිසිය නීතිනූකූලව පියවර ගත් බවත් Huang Xilian මහතා පැවසීය.

මේ වසරේ මුල් කාලයේ දෙරටේ නායකයන් සංවාදය හා සාකච්ඡාව මගින් මතභේද නිසි ලෙස විසඳා ගැනීම කෙරෙහි වැදගත් පොදු එකඟතාවන්ට එළඹී තිබේ. චීනය සමඟ එක්ව දෙරටේ නායකයන්ගේ එකඟතාවන් සැබෑ ලෙස ක්‍රියාත්මක කරමින් සියළු ඒකපාර්ශ්වික මෙහෙයුම් නතර කර පාලනය කළ නොහැකි තත්ත්වයක් මතු වීම වැළැක්වීමට උත්සාහ දරන ලෙස චීනය යළිත් පිලිපීනයෙන් ඉල්ලීමක් කළ බව හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම