කාම්බෝජ රජු නව අගමැති පත් කරයි
2023-08-08 09:51:14
Share with:

කාම්බෝජයේ නව අග්‍රමාත්‍යවරයා පත් කෙරේ. නෝරෝඩොම් ෂිහමුනු රජු විසින් එරට නව අගමැතිවරයා ලෙස හුන් මානෙට් මහතා පත් කර තිබේ. හිටපු අගමැති හුන් සෙන් මහතා ධුරයෙන් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු නව අගමැතිරයා ලෙසට  45 හැවිරිදි හුන් මානෙට් මහතා පත් කෙරිණ.

අගමැති  ධුරයට පත්වූ හුන් මානෙට් මහතා ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය ලබන විසි දෙවනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසය දිනා ගැනීමේ ඡන්ද විමසීමෙන් ජයගත යුතුව ඇත.අනතුරුව එදිනම හෙතෙම අගමැතිධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

හුන් සෙන් මහතා‍ ගේ නායකත්වයෙන් යුත් පාලක කාම්බෝජ ජනතා පක්ෂය එරට මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබමින් පාර්ලිමේන්තුවේ ආසන 125න් 120ක් දිනා ගැනීමට සමත් විය.වසර 38කට අධික කාලයක් අග්‍රමාත්‍ය ධුරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව ප්‍රකාශ කළ හුන් සෙන් මහතා සිය වැඩිමහල් පුතු වන හුන් මානෙට් මහතාට පාලනය පැවරීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම