වගා හානි තක්සේරු කිරීම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම ඇමතිගෙන් උපදෙස්
2023-08-07 16:54:27
Share with:

නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

මෙම යල කන්නයේ දී නියඟයේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට සිදු ව ඇති හානිය ඉහළ ගොස් ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව වගාවට හානි වූ ගොවි ජනතාවට යම් වන්දි මුදලක් ලබා දීමට පියවර ගෙන ඇත.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වනවිට බෝග හයක් සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව කාලගුණික හේතුන් නිසා සිදුවන වගා හානිවීමකදී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙයි. මෙම මුදල දායක මුදලකින් තොරව ලබා දෙන අතර රුපියල් 6400ක දායක මුදලක් ලබා ගැනීම මගින් අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම