යුරෝපා රටවල් කිහිපයක වනාන්තරවල ලැව්ගිනි
2023-08-07 10:27:50
Share with:

අධික උෂ්ණත්වය හා නියං තත්ත්වය හේතුවෙන් යුරෝපයේ රටවල් කිහිපයකින් ලැව්ගිනි විපත් වාර්තා වී තිබේ.

6 වැනිදා වන විට පෘතුගාලයේ Castelo Branco දිස්ත්‍රික්කයේ ලැව්ගිනි පාලනය කෙරුණු බව, ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාවන් හි දැක්වේ.  හෙක්ටයාර 7000 ක පමණ භූමිය හා නිවාස ද ඉන් විනාශ වී තිබේ. 

ස්පාඤ්ඤයේ Catalunya ස්වායත්තයේ ගම්මානයක පසුගිය 4 වනදා  හටගත් ලැව්ගිනි 5 වනදා රාත්‍රී වනවිට මැඩපවත්වා ඇත. හෙක්ටයාර 573 ක භූමි ප්‍රමාණයකට ඉන් බලපෑම් සිදුව තිබේ. දකුණු ස්පාඤ්ඤයේ Cadiz නගරය ආශ්‍රිතව හටගත් ලැව්ගිනි හේතුවෙන් එහි දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇණහිට ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඉතාලියේ Sardegna දූපතේ ඊයේ (6) ලැව්ගිනි 42 ක් හටගත් බවත්, අධික සුළං තත්ත්වයෙන් ගිනි නිවීමට දැඩි බාධා එල්ල වූ බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම