සිරියාවේ අගනුවර ආසන්නයේ දී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිවුදෙනෙකු ජීවිතක්ෂයට
2023-08-07 11:16:19
Share with:

ඊශ්‍රායල හමුදාව අද (7) අලුයම සිරියාවේ Damascus අගනුවර ආසන්නයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව සිරියානු මාධ්‍ය පවසයි. මෙම ප්‍රහාරයෙන් සිරියානු සොල්දාදුවන් සිවුදෙනෙකු මිය ගිය අතර, තවත් සිවුදෙනෙක් තුවාල ලැබූහ. පොදු පහසුකම් පද්ධතිවලට ද හානි සිදුව  තිබේ.

හමුදා මූලාශ්‍රයක් උපුටා දක්වමින් එම වාර්තාව සඳහන් කළේ, අද (7) අලුයම 2.20 ට පමණ, ඊශ්‍රායලය තම ග්‍රහණයේ පවතින Golan කඳුකරයේ සිට, Damascus නුවර ආසන්නයේ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි. සිරියානු ගුවන් ආරක්ෂක අංශ ඊශ්‍රායල මිසයිල කිහිපයක් බිම හෙළීමට සමත් ව තිබේ.

2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු, ඉරාන හමුදා කඳවුරුවලට පහර දීමේ මුවාවෙන්, ඊශ්‍රායල හමුදාව සිරියාවේ ඉලක්ක වෙත අවස්ථා ගණනක දී ප්‍රහාර එල්ල කර තිබේ. සිරියාවේ ඉරාන හමුදා සිටින බවට වන මතය සිරියානු සහ ඉරාන රජයන් දෙකම ප්‍රතික්ෂේප කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම