සමනල වැවෙන් ජලය ලබාගැනීමේ කැබිනට් පත්‍රිකාව අද යළිත් අමාත්‍ය මණ්ඩලයට
2023-08-07 16:48:16
Share with:

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබාගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද (07) යළිත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය.

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජලය සිඳීයාමත් සමඟ වලව කලාපයේ ගොවියෝ සිය වගා කටයුතු කිරීමට නොහැකිව දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති. ඊට විසඳුමක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම කෙරෙහි අවධානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත්තේය.

කෙසේවෙතත් එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද සඳහන්ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම