ඇමරිකාවේ ණය ශ්‍රේණිය පහත වැටීමෙන් එරට ආර්ථිකය බරපතල අර්බුදයක
2023-08-07 11:49:35
Share with:

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය මෑතකදී දිගුකාලීනව විදෙස් මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ ශ්‍රේණිය පහත දැමීය. ඒ,“AAA” මට්ටමේ සිට “AA+” දක්වා පහත දමා තිබේ. 1994 වසරින් පසු Fitch Ratings ආයතනය මෙසේ සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය යි.

ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ Missouri විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ Felipe Silva මහතා පැවසුවේ, ඇමරිකානු කොංග්‍රසය අඛණ්ඩව රාජ්‍ය ණය උපරිමය ඉහළ නංවන විට ඇමරිකාව ණය  ගෙවීම පැහැර හැරීමේ අවදානම ඉහළ යන බවයි. එය ඇමරිකාවේ දේශපාලන ධ්‍රැවීකරණයේ ප්‍රතිඵලයකි. ණය උපරිමය අඛණ්ඩව ඉහළ යාමේ දී ආයෝජකයන් ඇමරිකාවේ ණය ගෙවීම පැහැර හැරී‍මේ තත්ත්වය උත්සන්න වීමෙන් තමන් ලබාගන්නා ඇමරිකානු බැඳුම්කර පිළිබඳව නොසන්සුන් වනු ඇත. ඉන් ඇමරිකානු ආර්ථික ස්ථාවරත්වය හා විශ්වසනීයත්වය ද දැඩි ලෙස විනාශ වන බව  හෙතෙම පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම