COP 28 හිදී දේශගුණික යුක්ති සංසදය දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින්
2023-08-07 17:02:09
Share with:

ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේ දී (COP 28),  අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය (CJF) දියත් කිරීමට  ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

දේශගුණික යුක්තිය සහතික කිරීම සහ හානි සඳහා මූල්‍යකරණය කඩිනම් කිරීමට විකල්ප මෙන්ම සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් ලබා දීමේ පොදු අරමුණ ඇතිව දේශගුණික යුක්ති සංසදය පිහිටුවීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පරිසර අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමඟ එක්ව ඔක්තෝබර් මස 3 වනදා සිට 6 වනදා දක්වා ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ පස්වන සංසදය කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා කියාසිටියේය.. මෙය ආසියා පැසිෆික් කලාපයේ පාරිසරික ගැටළු සාකච්ඡා කිරීමට සහ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට රජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට වටිනා වේදිකාවක් වනු ඇත.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කර සිටියේ  ‘ස්ථාවර රටකට – සැවොම ඒක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම