චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ඇගයීමට ලක් වූ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ සැබෑ සංවර්ධනය
2023-08-07 20:54:37
Share with:

ජූලි 31වැනි දා සිට පසුගිය 4වැනි දා දක්වා, චීනයේ රටවල් 25ක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Kashgar, Kuqa, Urumqi ඇතුළු ස්ථානවල නිල චාරිකාවක නිරත වූහ. ‘ෂින්ජ්‍යං හි දර්ශනය ඉතා සුන්දරයි.’ ‘එහි ජනතාව හරි ම සුහදශීලියි.’ ‘ ෂින්ජ්‍යං  උද්‍යෝගිවත් ආර්ථිකයකට හිමිකම් කියයි.’ යනුවෙන් එම නිලධාරීන් පිරිස ෂින්ජ්‍යං ඇගැයීමට ලක් කළහ.

ඔවුහු ජල සම්පත් ව්‍යාපෘති, කෘෂිකර්මාන්ත ව්‍යාපෘති, නිදහස් වෙළඳ කලාපය සහ සංචාරක ස්ථාන නැරඹීමට ද එක් වූහ. ‘ෂින්ජ්‍යංවල ප්‍රශස්ත සංවර්ධනයක් ඇති බව අපට ප්‍රත්‍යක්ෂ කළ හැකියි ’ යනුවෙන් චීනයේ නිකරගුවාවේ තානාපති Michael Campbell මහතා පැවසීය. ෂින්ජ්‍යං ජනතාව නවීන තාක්ෂණය මනාව භාවිත කරමින් සිටින අතර ඩ්‍රෝන යානා මගින් ඔවුන් පළිබෝධනාශක යොදන බව පැවසූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් බටහිර මාධ්‍යයන් නිර්මාණය කළ ඊනියා ‘බලහත්කාරයෙන් ශ්‍රමය යොදා ගැනීම’යන ප්‍රචාරය කිසිසේත් ම සත්‍ය නොවන බව ද පැවසූහ.

මෑත වසර වල, 100කට වැඩි රටවල හා ජාත්‍යන්තර සංවිධානවල නිලධාරීන්, ආගමික නායකයින් හා වාර්තාකරුවන් 2000කට වැඩි පිරිසක් ෂින්ජ්‍යං හි නිල සංචාරයන්හි නිරත ව තිබේ. එහි ආර්ථික හා සමාජීය සංවර්ධනය ඔවුහු මනාව අවබෝධ කර ගත්හ. බටහිර මාධ්‍යයන් ෂින්ජ්‍යං පිළිබඳ අසත්‍ය ප්‍රචාරය කළේ දේශපාලනිකව චීනය අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් බව චීනයේ ගිනියාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ ද අදහස විය.

2020 වසර අවසානය වනවිට, ෂින්ජ්‍යං අන්ත දිළිඳුකමෙන් මිදීමට සමත් විය. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය වනවිට, ෂින්ජ්‍යං හි සමස්ත සංචාරකයන්ගේ සංඛ්‍යාව දසකෝටි විසිලක්ෂයක් වූ අතර, පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේ දී එය 31.49%කින් වර්ධනය වී ඇත. බටහිර චීනයේ විවෘතභාවය සඳහා පෙරටුකාමී ප්‍රදේශයක් ලෙස, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපි‍ළිවෙළ තුළින් ෂින්ජ්‍යං හි වැදගත්කම් තවදුරටත් තහවුරු වී ඇත. පසුගිය ජූලි 20වැනි දා දක්වා, ෂින්ජ්‍යං හි Khorgos හා Alashankou නගර ඔස්සේ ධාවනය කෙරෙන චීන-යුරෝපා දුම්රිය ඇතුළු විදේශ රටවලට ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 8000 ඉක්මවා ගොස් එමගින් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ වර්ග සංඛ්‍යාව ද 200කට වැඩි සංඛ්‍යාවකට ළඟා වීම විශේෂත්වයකි.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම