යුක්රේන අර්බුදය පිළිබඳ ජෙඩා සංවාදයේ දී අඛණ්ඩ සාම ප්‍රයත්නයක් වෙනුවෙන් ඉල්ලීම්
2023-08-07 09:14:50
Share with:

‘යුක්රේන අර්බුදය පිළිබඳ Jeddah සංවාදයේ’ දී සාමය සඳහා පොදු පදනමක් ගොඩනැගීමට අඛණ්ඩ ජාත්‍යන්තර ප්‍රයත්නයන් හි අවශ්‍යතාව අවධාරණය කෙරේ. සෞදි පුවත්පත් ඒජන්සිය මේ බව වාර්තා කළේය.  සෞදි අරාබියේ Jeddah නගරයේ පැවති සංවාදය ඊයේ (06) අවසන් විය.

දෙදින රැස්වීමේ දී ඉදිරිපත් කෙරුණු අදහස් සහ ධනාත්මක යෝජනාවලින් ප්‍රයෝජන ගැනීමේ වැදගත්කම ද සහභාගි වූ පිරිස පෙන්වා දුන්හ.

 සෞදි රාජ්‍ය අමාත්‍ය සහ ජාතික ආරක්ෂක උපදේශක Musaad bin Mohammed Al-Aiban මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට චීනය සහ එක්සත් ජාතීන් ඇතුළු රටවල් 40 කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල ආරක්ෂක උපදේශකයෝ සහ නියෝජිතයෝ එක් ව සිටියහ. ඔවුන් සියලුදෙනා ඉල්ලා සිටියේ යුක්රේන අර්බුදය නිමාකිරීම සඳහා සාමය පිළිබඳ පොදු ජාත්‍යන්තර ප්‍රයත්නය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස යි.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම