වසර 2050 ට පෙර දේශගුණික විපර්යාසයන්ට පිළියම් සෙවීමට ශ්‍රී ලංකාවේ අවධානය
2023-08-06 16:15:10
Share with:

අනාගත දේශගුණික විපර්යාසවලට ගැළපෙන ගෘහ නිර්මාණකරණයක අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළ පවතින බව ජනාධිපතිවරයා කියා සිටී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (05) කොළඹ පැවති ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අමතමිනි.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව හෙතෙම පැවසීය. දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ න්‍යාය පත්‍රය වේගවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සැසියේ දී මහලේකම්වරයා සියලු සාමාජික රටවල් වෙත දැනුම් දී ඇත. අද යුරෝපයේ විශාල ලැව් ගිනි ඇති වන අතර වසර 2050ට පෙර මෙම අරමුණු ජය ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාව සොයා බලමින් සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම