වොෂින්ටනයේ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 6ක් මරුට
2023-08-06 16:56:00
Share with:

ඇමරිකාවේ වොෂින්ටන් හි වයඹදිග ප්‍රදේශයේ ඊයේ(5) අලුයම 1ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. තවත් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.

එදින රාත්‍රී 8ට පමණ එම නගරයේ අග්නිදිග ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙක් මිය ගිය අතර දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. 

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවට අනුව 5වනදා උදේ 5ට පමණ වොෂින්ටනයේ වයඹ දිග ප්‍රදේශයේ ද වෙඩි තැබීමක් වාර්තා විය. පිරිමි පුද්ගලයෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගියේය.

ඇමරිකාවේ ජනගහණය කෝටි 33කි. සිවිල් වැසියන්ට හිමි තුවක්කු ප්‍රමාණය කෝටි 40ක් ඉක්මවා ගොස් ඇත. තුවක්කු ප්‍රචණ්ඩත්වය ඇමරිකානු සමාජයේ ‘සාමාන්‍ය සංසිද්ධියක්’ වී ඇතැයි වි‍ශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම