ඉරාන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික අන්තර්ක්‍රියා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා
2023-08-06 16:17:24
Share with:

ඉරානයේ ටෙහෙරාන් හි නිල චාරිකාවක නිරතව සිටින ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ(5) ඉරාන විදේශ අමාත්‍යාංශයේදී එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා හමුවිය.

දෙරට අතර ද්විපාර්ශ්වික අන්තර්ක්‍රියා පුළුල් කිරීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු පිළිබඳව ඔවුන් එහිදී සාකච්ඡා කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා, අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී කියා සිටියේ දෙපාර්ශවය ආර්ථික සහයෝගීතාව, වෙළෙඳ සහ සංචාරක සංවර්ධනය සහ කලාපීය සහ ජාත්‍යන්තර සංවිධානවල සහයෝගීතාව වැඩි කිරීම ඇතුළු ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු රාශියක් සාකච්ඡා කළ බවයි.

සංස්කෘතික, සංචාරක, විද්‍යාත්මක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙපාර්ශ්වය පොදු දේශපාලන කැමැත්තෙන් පසුවන බව ඔහු පැවසීය.

ඉරාන සහ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු අතර ආර්ථික, සංචාරක සහ බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාවයට අමතරව තාක්ෂණික සහ ඉංජිනේරු සේවා, වෛද්‍ය සේවා සහ උපකරණ අපනයනය සහ නව තාක්ෂණයන් ද වේ.

ඉරාන අමාත්‍යවරයා පවසන පරිදි දෙරටේ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මානුෂීය අයුරින් ඉදිරි කාලය තුළ කටයුතු කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇත. මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනිස් ජාවාරමට එරෙහි සටන සහ අනෙකුත් ජාවාරම් ගැටළු සහ වෙළඳ සබඳතා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවය අවධානය යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම