රුසියානු තෙල් නැවකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව සංයමයෙන් ක්‍රියා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි
2023-08-06 16:16:04
Share with:

Kerch සමුද්‍ර සන්ධියේදී රුසියාවේ තෙල් නැවකට යුක්‍රේන ප්‍රහාරයක් එල්ල වීමේ වාර්තා පිළිබඳව තමන් දැනුවත් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ කාර්යාලය ඊයේ (5) පැවසීය. තත්ත්වය තවදුරටත් උග්‍ර කළ හැකි ප්‍රකාශ සහ ක්‍රියාවලින් වැළකී සිටින ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී.

රුසියාවේ තෙල් නැවකට ඊ‍යේ (5) අලුයම Kerch සමුද්‍ර සන්ධියේදී යුක්‍රේන මිනිසුන් රහිත බෝට්ටුවකින් ප්‍රහාරයක් එල්ල වූ අතර, නැවේ එන්ජින් කාමරයට හානි සිදු වූ නමුත් පුද්ගල හානියක් සිදුවී නොමැති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම