‘චීන ජාතිකයින්ගේ නවීණ ශිෂ්ටාචාරය ගොඩනැගීම’ සහ ‘ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම’නවීකරණයෙන් යුත් බලවත් රටක් ගොඩනැඟීමට ප්‍රබල සාධකයක්
2023-08-05 18:55:18
Share with:

 

‘චීන ජාතිකයින්ගේ නවීණ ශිෂ්ටාචාරය ගොඩනැගීම’ සහ ‘ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම’ යන්න මෙම වසරේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන් ඉදිරිපත් කළ මාතෘකා දෙකකි. බලවත් සංස්කෘතික රටක් ගොඩනගා ගැනීම හා මානවයන්ගේ සමාජයීය නවීකරණය ප්‍රවර්ධනය කිරීමට එය වැදගත් මඟපෙන්වීමක් ලෙස සැලකිය හැකිය.

පසුගිය ජුනි මාසයේ 2වැනිදා සංස්කෘතික උරුම හා සංවර්ධන සාකච්ඡාවට එක්වූ ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය. වසර පන්දහසක ශිෂ්ටාචාරයේ පදනම මත චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය සංවර්ධනය කිරීමේදී, මාක්ස්වාදය හා චීනයේ ප්‍රායෝගික තත්ත්වය එකට ඒකාබද්ධ කරමින් මාක්ස්වාදය චීනයේ විශිෂ්ට සාම්ප්‍රදායික සංස්කෘතිය සමග ඒකාබද්ධ කිරීම අතිශයෙන් වැදගත් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී ඇත.

පසුගිය මාර්තු මස 15වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ හා ලෝක දේශපාලන පක්ෂවල උසස් පෙළේ සංවාදයට ෂී ජින්පිං මහතා එක්වෙමින් දේශනයක් ද සිදු කළේය.  එහිදී ඔහු විසින් ප්‍රථම වරට ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉදිරිපත් කරනු ලැබීය. ලෝක ශිෂ්ටාචාරාත්මක විවිධත්වයට ගරු කරමින් සමස්ත මානවයින්ගේ පොදු වටිනාකම පොදුවේ ප්‍රචාරය කිරීම, ශිෂ්ටාචාර උරුමය හා නිර්මාණශීලිත්වයෙන් යුතු සංවර්ධනයට පොදුවේ මුලපිරීම, ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගතා පොදුවේ පුළුල් කිරීම පිළිබඳව ඔහු එහිදී අවධාරණය කර ඇත. ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට මේ වන විට ජගත් ප්‍රජාවේ සක්‍රීය ප්‍රතිචාරය හිමිව තිබේ.

ෂී ජින්පිං මහතාගේ මෙහෙයවීම යටතේ චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය, හැම විටම චීන සමාජවාදයේ මූලික වටිනාකම්හි එල්බ සිට ජනතාවගේ චින්තනික බලය සහ ද්‍රව්‍යමය පොහොසත්කම හා පූර්ණ මානව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහි ද නියැළී සිටියි.  

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම