රුසියානු ධාන්‍ය හා පොහොර අපනයන බාධා ඉවත් කරන්න- ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක්
2023-08-05 16:42:16
Share with:

රුසියානු ධාන්‍ය හා පොහොර අපනයනට ඇති බාධා ඉවත් කරන ලෙස අප්‍රිකානු රටවල් හා රුසියාව  ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී. 

රුසියානු ක්‍රෙම්ලීන මන්දිරයේ වෙබ් අඩවිය ඊයේ (4)රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සහ අප්‍රිකානු සාම දූත පිරිස සමඟ පසුගිය ජූලි මස 28 වන දා හමුවීමේ ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කර ඇත. රුසියාවේ ධාන්‍ය සහ පොහොර අපනයන කෙරෙහි පනවා ඇති බාධා ඉවත් කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශනයේ සඳහන්ය.

එමෙන්ම එම නිවේදනයට අනුව, පසුගිය ජුනි මස 17 වනදා පැවති රුසියාව සහ අප්‍රිකානු සාම දූත පිරිස අතර හමුවේදී සාකච්ඡා කරන ලද මානුෂීය කරුණු, විශේෂයෙන් යුද කලාපවල දරුවන්ගේ අයිතිවාසිකම් සහ රුසියා-යුක්රේන රැඳවියන් හුවමාරුව සම්බන්ධ කටයුතු ප්‍රගතියක් ලබා ගෙන ඇති බවද එම හමුවේදී සියලුම පාර්ශවයන් සඳහන් කළහ. 

කළු මුහුදේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා රුසියාවේ ධාන්‍ය සහ රසායනික පොහොර අපනයනය කෙරෙහි පනවා ඇති බාධා ඉවත් කිරීමට  පියවර ගන්නා ලෙස රැස්වීමට එක්වූ සියලු දෙනා අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියහ. ඊට අමතරව, යුරෝපා සංගමයේ සාමාජික රටවල වරායන්හි සිරවූ, රුසියාව විසින් අප්‍රිකානු රටවලට නොමිලේ ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ රසායනික පොහොර ටොන් ලක්ෂ 2ක් නිදහස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම