119 අවභාවිත කළොත් දඬුවම්
2023-08-05 15:35:52
Share with:

119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය තොරතුරු සපයන පුද්ගලයින්ට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බණ්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවය.

පැය 24 පුරා ක්‍රියාත්මක වන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබේ. මෙම පණිවිඩ නිරීක්ෂණය කිරීමේදී එම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් නිරීක්ෂණය වී ඇත.

මේ හේතුවෙන් වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේදී සිදු වන බාධා හා ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම