ලෝක අධ්‍යාපන පද්ධතිය යළිත් සකස් කරන ලෙසට ජගත් මහලේකම්වරයා ඉල්ලයි
2023-08-05 16:05:33
Share with:

ලෝක අධ්‍යාපන පද්ධතිය යළිත් සකස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඉල්ලීමක් කරයි.

António Guterres මහතා ඊයේ (4) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිමය නිවේදනයක් පළ කළේය.

ඉගෙනුම් සමාජයක් නිර්මාණය කරමින්, ජීවිත කාලය පුරාම ඉගෙනුම් පද්ධතියක් ස්ථාපිත කරන ලෙසට ඔහු ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය. ස්වයංක්‍රීයකරණය, කෘත්‍රිම බුද්ධිය සහ තාවකාලික සහ අර්ධකාලීන තනතුරු මත දැඩි ලෙස රඳා පවතින ශ්‍රම වෙළඳපොලක් සහිත  ආර්ථිකයේ මතුවීම තුළ ශ්‍රමය වේගවත් වෙනස්කම්වලට ලක්ව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. සැබෑ ඉගෙනුම් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අනුවර්තනය කළ හැකි ඉගෙනුම් පද්ධතියක් ස්ථාපිත කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ධනවත් සහ දුප්පත් රටවල් අතර අධ්‍යාපනය සඳහා වියදම් කිරීමේ විශාල අසමානතාවය ද එම ප්‍රතිපත්තිමය නිවේදනයෙන් විස්තර කෙරිණ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම