විද්‍යාපීඨ සඳහා නව ශික්ෂණලාභීන් ඇතුළත් කර ගන්නා දිනය ගැන නිවේදනයක්
2023-08-05 15:33:59
Share with:

විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ශික්ෂණලාභීන් ලියාපදිංචි කිරීම  අගෝස්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීම පිළිබඳව පීඨාධිපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව ද නිවේදනයේ දැක් වේ.

එසේ ම විද්‍යාපීඨවල පවත්නා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගැටලු විසඳා ගැනීමට ලෝක බැංකුවේ ‘GEM’ ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ද කටයුතු කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම