2020 ජනාධිපතිවරණයේදී සිදු කළ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් උසාවියකට ඉදිරිපත් කෙරේ
2023-08-04 09:44:12
Share with:

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණය පරාජය කරවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිල වශයෙන් අධිචෝදනා ගොනු කර ඇත. චෝදනා ගොනු කිරීමෙන් දින දෙකකට පසු ඊයේ (03) වොෂින්ටන් ඩීසී හි ෆෙඩරල් උසාවියකට ඔහුව ඉදිරිපත් කර ඇති අතර එම චෝදනාවන්ට තමන් වරදකරු නොවන බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

මැතිවරණ කටයුතුවලදී වංචා කිරීමේ කුමන්ත්‍රණය, නිල ක්‍රියාවලියට බාධා කිරීම, නිල ක්‍රියාවලියට බාධා කිරීමට උත්සාහ කිරීම සහ අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණ කිරීම ඔහුට එල්ල වූ චෝදනා හතරයි. ට්‍රම්ප් අපරාධ චෝදනාවලට මුහුණ දුන් පළමු හිටපු ඇමරිකා ජනාධිපතිවරයා වේ. 2020 මැතිවරණ කුමන්ත්‍රණයට අමතරව තවත් නඩු දෙකකදී ඔහුට අධිචෝදනා ගොනුකර තිබේ.

එමෙන්ම ජෝර්ජියාවේ 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට ට්‍රම්ප් දැරූ උත්සාහයන් සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදු කෙරෙමින් පවතී.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම