චීන මාදිලියේ නවීකරණය නිවැරදි හා ස්ථාවර සංවර්ධන මාවතක්
2023-08-04 19:59:54
Share with:

මෙම වසර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කෙරෙන පළමු වසරයි. මේ වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතිය පුනර්ජීවනය කිරීම ඉලක්ක කර වැදගත් උපදෙස් මාලාවක් ලබා දෙමින්, රටේ හා පක්ෂයේ  නව සංවර්ධනය ප්‍රවර්ධනය කරයි.

පසුගිය ජූලි 24 වැනිදා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස්වීමක් පැවැත්වීය. ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගත් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ශක්තිමත් නායකත්වය යටතේ, මෙම වසරේ ජාතික ආර්ථිකය අඛණ්ඩව යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවත්, ආර්ථික සංවර්ධන ප්‍රවණතාව ධනාත්මක බවත් එම රැස්වීමේදී පෙන්වා දී තිබේ. එමෙන්ම උසස් තත්ත්වයේ සංවර්ධනය ගැඹුරු වෙමින් පවතින අතර කර්මාන්ත උත්ශ්‍රේණිගත කරමින් වැඩිදියුණු වෙමින් පවතී. ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව ඵලදායී ලෙස සහතික කර ඇති අතර සමස්ත සමාජ තත්ත්වය ස්ථාවරව පවතී. එසේම මෙම වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳ පදනමක් ගොඩනගා ඇති බව එම රැස්වීම ප්‍රකාශ කර ඇත. චීනයේ ආර්ථිකයට විශාල සංවර්ධන හැකියාවක් සහ විභවයක් ඇති අතර, දිගුකාලීනව දියුණු වීමේ මූලික ප්‍රවණතාව වෙනස් වී නොමැති බව ද එම රැස්වීමේදී අවධාරණය කෙරිණ.

එය මෙම වසරේ චීන ආර්ථිකයට අර්ධ වාර්ෂික වාර්තාවක් වන අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය ක්‍රියාත්මක කරන මුල්ම අවධියේ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳ වාර්තාවකි. චීන මාදිලියේ නවීකරණය නිවැරදි හා ස්ථාවර සංවර්ධන මාවතක් වන අතර, එය ශක්තිමත් රටක් ගොඩනැගීමට සහ ජාතිය පුනර්ජීවනය කිරීමට ඇති එකම නිවැරදි මාර්ගය බව ප්‍රායෝගික සංවර්ධනයෙන් ඔප්පු කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම