ආහාර අර්බුදය විසඳීම සඳහා ගෝලීය එක්සත්භාවයේ වැදගත්කම චීනය අවධාරණය කරයි
2023-08-04 09:29:56
Share with:

ආහාර අර්බුදය විසඳීම සඳහා පොදු ආරක්ෂාව පිළිබඳ සංකල්පය ස්ථිරව ගොඩනැංවිය යුතු අතර, ගෝලීය ආහාර සහ කෘෂිකර්ම පාලන පද්ධතිය වැඩිදියුණු කළ යුතු බව චීනය කියාසිටී. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (3) පැවති ගැටුම් සහ ආහාර අර්බුදය පිළිබඳ මහජන රැස්වීමේ දී ය.

එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනවලට ඔවුන්ගේ වෘත්තීයමය ප්‍රතිලාභ සහ සම්බන්ධීකරණ භූමිකාවන්ට සහාය දක්වන බව චීනය පවසයි.

ආහාර අර්බුදයේ විශාලතම ගොදුරු බවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බව Zhang Jun මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ආහාර අනාරක්ෂිත භාවය, ගෝලීය වශයෙන් සිදුව ඇති ප්‍රමාණවත් නොවන සහ අසමතුලිත සංවර්ධනයේ ප්‍රතිඵලයක් බව ද හෙතෙම පැවසීය. ආරවුල් සාමකාමී ව විසඳීමට උත්සාහ කරන ලෙසත්, ආහාර සුරක්ෂිතතාව වැනි විවිධ අභියෝගවලට සහයෝගයෙන් සහ ධනාත්මක චින්තනයෙන් යුතුව ප්‍රතිචාර දක්වන ලෙසත් චීනය ඉල්ලා සිටින බව චීන නියෝජිතයා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම