කටුනායක සහ අබුඩාබි අතර අඩු වියදම් නව ගුවන් සේවයක්
2023-08-04 16:30:05
Share with:

ශ්‍රී ලංකාව සහ අබුඩාබි අතර අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ.

කටුනායක ගුවන්තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාලසටහනකට අනුව මෙම ගුවන් සේවාව ක්‍රියාත්මක වනු ඇත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයාර් ඒෂියා අබුඩාබි ගුවන් සේවා සමාගම වෙත මේ සඳහා වන ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු කෙරිණ.

ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව මෙන්ම කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබඳව එහිදී දැඩි අවධානය යොමු ඇති අතර ලබන මස මැද භාගයේ සිට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම