ඇමරිකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත දැමීමෙන් නිකුත් වන අනතුරු ඇඟවීම්
2023-08-04 12:57:03
Share with:

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings ආයතනය අගෝස්තු පළමුවැනි දා ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ඇමරිකාවේ විශ්වසනීයත්ව මට්ටම “AAA” සිට “AA+” දක්වා පහත දැමීය.

එම ආයතනය නිවේදනය කළේ, ගතවූ වසර 20 ක් තුළ, ඇමරිකාව වරින් වර ණය උපරිමය පිළිබඳ ගැටළුව ඉස්මතු වෙද්දී අවසාන මොහොතේ පිළියම් සෙවීම නිසා ජනතාව තම රටේ පරිපාලන ශක්‍යතාව කෙරෙහි දක්වන විශ්වාසය තුනී වී ඇති බව යි. මෙය මේ තත්ත්වය යටතේ ඇමරිකානු රජයට එල්ල කරන පළමුවැනි අනතුරු ඇඟවීම බව විශේලේෂකයෝ පෙන්වාදෙති. එනම්, දේශපාලනික ධ්‍රැවීකරණය නිසා පරිපාලන ශක්‍යතාව පහත දමනු ලැබීම යි.

එමෙන් ම, ඉදිරි වසර 3 ඇතුළත ඇමරිකාවේ මූල්‍ය තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති අතර එරට ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනු ඇති බවත්, එය අඛණ්ඩ ව වැඩි වනු ඇති බවත් Fitch Ratings ආයතනය නිවේදනය කර තිබේ. මෙය ඇමරිකානු රජයට එල්ල වන දෙවැනි අනතුරු ඇඟවීම ලෙස පෙන්වා දී ඇත. එනම් ණය බර අඛණ්ඩව ඉහළ යාමේ ආර්ථික ක්‍රමවේදයේ පැවැත්ම කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටීමයි.  

ඉකුත් ජූලි 31වැනි දා වනවිට, ඇමරිකානු රජයේ ණය ප්‍රමාණය ඇ.ඩො. ට්‍රිලියන 32.6 කට ළඟා වූ අතර, සෑම වැසියෙකු මතම ඇ.ඩො. ලක්ෂයක ණය බරක් පැටවී ඇති බව ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දත්තවල දැක්වෙයි. ඇමරිකානු රජයේ ණය වපසරිය අඛණ්ඩ ව ඉහළ යාම නිසා පෞද්ගලික ආයෝජන මර්දනය කෙරෙනු ඇත. එසේම, අනපේක්ෂිත මූල්‍ය අර්බුද අවදානම ද ඉහළ යනු ඇත. මෙය එරට ‘ජාතිකාරක්ෂක’ගැටළුවක් බවට පත් වනු ඇතැයි ද එරට බුද්ධි මණ්ඩලයට අයත් Cato ආයතනය අනතුරු අඟවා තිබේ.

Fitch Ratings ආයතනය විසින් ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ ශ්‍රේණිය පහත දැමීමෙන් කෙරෙන තුන්වන අනතුරු ඇඟවීම වන්නේ ලෝකය ‘ඇමරිකානු ඩොලර් වලින් බැහැර වීමේ’ ක්‍රමවේදය කඩිනම් කිරීමේ ඉඩකඩ යි. ඇමරිකානු ඩොලරය ජාත්‍යන්තර මුදලක් බවට පත්වූයේ ඇමරිකානු රජයේ විශ්වසනීයත්වය මත ය. එවැනි විශ්වසනීයත්වයක් බිඳවැටීමත් සමග නව විකල්ප මතු විය හැකිය. මේ අතර, බොලීවියාව කලකට පෙර ආනයන හා අපනයන ගනුදෙනු සඳහා චීන යුවාන් භාවිත කිරීම ඇරඹීය. එය බොහෝ අවස්ථාවල චීන යුවාන් භාවිත කරන තවත් දකුණු ඇමරිකානු රටක් වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම