පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමිතියක්
2023-08-04 16:28:48
Share with:

විධිමත් නිශ්චිත පුහුණුවකින් තොරව පෙර පාසල් ගුරුවරුන්ට පෙර පාසල් ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. රට පුරා විසිරී සිටින විවිධ වර්ගයේ පෙර පාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් දී ඉදිරියේදී එම විධිමත් සහතික අනුව පමණක් පෙර පාසල් ආරම්භ කිරීමට අවසර දෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. 

යම් රාමුවක් තුළ ක්‍රියාකාරකම් පදනම් කරගත් අධ්‍යාපනයක් පෙර පාසල් දරුවන්ට දීමේ පදනම සැකසීමෙන් ප්‍රාථමික අධ්‍යාපනය ඇතුළු අනෙකුත් අධ්‍යාපන තලයන්හි අනවශ්‍ය ඉගෙනුම් පීඩනය අවම කිරීමට හැකි වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම