චීන ශිෂ්ටාචාර හැඩය වෙනස් ‍නොවීම චීනයට ආවේණික ලක්ෂණයක්
2023-08-03 14:31:41
Share with:

වර්තමානයේ දී මෙන්ම සියවස් ගණනාවකට පෙර සිටම චීනය ලෝකයට නව නිපැයුම් ඉදිරිපත් කර තිබේ. ඉන් මානවයා ලද ප්‍රයෝජන අතිමහත්ය. නොවෙනස් ශිෂ්ටාචාරයක් ලෙසට චීන ශිෂ්ටාචාරය වසර 5000කට අධික ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. එම දීර්ඝ කාලය තුළදී චීන ශිෂ්ටාචාරය විවිධ තත්ත්වයන්ට මුහුණ දී ඇත. එම කවර තත්ත්වයකදී වුවද චීන ශිෂ්ටාචාර හැඩය වෙනස් වී නොමැති බව කාලීන තොරතුරු විචාරක දේශමාන්‍ය මහේෂ් රාජකරුණා මහතා පවසයි. තමන් මෙය වෙනත් ශිෂ්ටාචරයන්ට වෙනස්වූ ස්වභාවයක් ලෙසට දකින බවද හෙතෙම සඳහන් කරයි. මෙම නොවෙනස් ලක්ෂණය චීන සංස්කෘතියේ පැවැත්මට බෙහෙවින් බලපා තිබේ. චීනයට අනන්‍යවූ සංස්කෘතික ස්වභාවයන්ගෙන් එය වඩාත් පිළිබිඹු වෙයි. චීන ජාතිකයන් විවිධ අසීරු කාල පරිච්ඡේදයන්ට මුහුණ දී ඉන් ලද පන්නරය වත්මන් චීනය තුළින් දැකිය හැකිය. ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ  ඔවුන් තුළ ඇති ජීවගුණය ද දීර්ඝ ශිෂ්ටාචරයකින් පෝෂණය වූවක් ලෙසට පැවසීම අතිශෝක්තියක් නොවන බවද මහේෂ් රාජකරුණා මහතා පෙන්වා දෙයි. විවිධ ගෝලීයකරණ බලපෑම් එල්ල වුවද චීන අනන්‍ය ලක්ෂණ සුරැකිව පැවතීම සුවශේෂීය. චීන සංස්කෘතිකාංග සුරැකීමට චීන රජය දක්වන ඉහළ සැලකිල්ල ද ඊට බලපා ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම