න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට එරෙහිව ජපාන ජනතාව යළිත් පෙළගැසෙති
2023-08-03 10:08:58
Share with:

න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමට එරෙහිව ජපාන ජනතාව ටෝකියෝ විදුලිබල සමාගමේ මූලස්ථාන ගොඩනැඟිල්ලේ යළිත් වරක් උද්ඝෝෂණයකට එක්වෙති. එය, ඊයේ (2) රාත්‍රියේ පැවැත්විණ.

ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම අතහැර දමා, අදාළ වගකීම භාරගන්නා ලෙස ඔවුහු ජපාන රජයෙන් සහ ටෝකියෝ විදුලිබල සමාගමෙන් ඉල්ලා සිටියහ.

න්‍යෂ්ටික අපජලය මුදාහැරීමේ සැලැස්ම ඉදිරියට ගෙනයමින්, ජපාන රජය සහ ටෝකියෝ විදුලිබල සමාගම තම වගකීමෙන් මිදීමට උත්සාහ කිරීම ද්‍රෝහී ක්‍රියාවක් බව උද්ඝෝෂකයෝ කියාසිටියහ. එසේම එය පිළිගත නොහැකි බව ද ඔවුහු පවසති. උද්ඝෝෂණයට එක් වූ ජනතාව මෙහිදී ටෝකියෝ විදුලිබල සමාගමට පෙත්සමක් ද ඉදිරිපත් කළහ. ජපාන රජය සහ එම සමාගම න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම අවලංගු කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා පළ කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම