ඉදිරි මාස තුනේ සෞඛ්‍යය නංවන්න කෝටි 3000ක්
2023-08-03 14:56:00
Share with:

ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට රුපියල් බිලියන 30ක (කෝටි 3000ක) අතිරේක ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ (02) උපදෙස් දී ඇත. මෙම මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ වෙන් කෙරේ. ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව පවතින වෛද්‍ය ආඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම කමිටුවක් මඟින් සිදු කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම