ෆිච් ණය ශ්‍රේණිය පහත දැමීම පිළිබඳ දෙපාර්ශ්වයට චෝදනා එල්ල කරමින් රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ අතර යළි ගැටුමක්
2023-08-03 12:53:00
Share with:

ෆිච් ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ ශ්‍රේණිය පහත දැමීම සම්බන්ධයෙන් එරට රිපබ්ලිකන් පක්ෂය හා ඩිමොක්‍රටික් පක්ෂය එකිනෙකාට චෝදනා එල්ල කිරීමෙන් නව ගැටුමක් හටගෙන තිබේ.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings පසුගිය දා ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ මට්ටම “AAA” සිට “AA+” දක්වා පහත දැමීය.

මීළඟ ජනාධිපතිවරණයේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ප්‍රචාරක කටයුතු පිළිබඳ ප්‍රකාශක හා එරට කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයේ සභිකයන් රැසක් අවධාරණය කරන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන් පාක්ෂිකයන් ණය ශ්‍රේණිය පහත දැමීම පිළිබඳව වගකිව යුතු බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ණය ගෙවීම පිළිබඳ පොරොන්දුව බිඳ දැමීමට කොංග්‍රසයේ රිපබ්ලිකන් පාක්ෂිකයන් ප්‍රසිද්ධියේම දිරිගැන්වීම ඊට හේතුව බවට ඔවුහු චෝදනා කරති .

ජෝ බයිඩන්ගේ රජය ආර්ථික ගැටළු නිසි ලෙස නිරාකරණය කිරීමට අසමත් වීම හේතුවෙන් ඇමරිකාවේ ණය ශ්‍රේණිය පහත වැටුණු බවට රිපබ්ලිකන් පක්ෂය චෝදනා කරයි. එමෙන්ම බයිඩන් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට භාවිතා කළ ‘බයිඩන් ආර්ථික විද්‍යාව’ රිපබ්ලිකන් පක්ෂයේ දැඩි වි‍වේචනයට ද ලක්ව ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම