ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
2023-08-03 14:56:51
Share with:

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවාන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. අගෝස්තු මස 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගාස්තු සංශෝධනය බලාත්මක වේ.

මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ගෘහස්ථ ජල ගාස්තුව, ඒකකයක නව මිල රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ. ඊට අමතරව මාසික සේවා ගාස්තුව ද ඉහළ දමා ඇත.

පොදු ජල කරාම, උද්‍යාන, රජයේ පාසල්, කාර්යාල හා රෝහල්, පුණ්‍යායතනයන්හි ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බව සඳහන් ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම