ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ‘ශ්‍රී ලංකා රුපියල’පමණයි
2023-08-03 15:01:34
Share with:

දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කළ හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණක් බවත් මහ බැංකුව එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ඉන්දියාව ප්‍රධාන මූලාශ්‍ර රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් බවත්  එමඟින් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ඉන්දීය රුපියල වලංගු මුදල් ඒකකයක් බවට පත් නොවන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම