ණය ශ්‍රේණිගත කිරීමේ විශ්වසනීයත්වය පිළිබඳ ඇමරිකාවේ ශ්‍රේණිය පහතට
2023-08-02 10:57:02
Share with:

ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ ශ්‍රේණිය පහත දැමේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings විසින් එය සිදුකරනු ලැබ ඇත.

ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ මට්ටම “AAA” සිට “AA+” දක්වා පහත දමන බවට එම ආයතනය ඊයේ (01) ප්‍රකාශයට පත් කළේ ය. එරට ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින අතර, එම අගය අඛණ්ඩ ව ඉහළ යමින් පවතින බව ද Fitch Ratings ආයතනය පෙන්වා දී තිබේ.

ඉදිරි වසර 3 ඇතුළත ඇමරිකාවේ මූල්‍ය තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද පුරෝකථනය කර ඇත. එසේ ම, ගතවූ වසර 20 ක් තුළ, ඇමරිකාවේ පරිපාලන ශක්‍යතාව ද පහත වැටී තිබේ. වරින් වර ඉස්මතු වී ඇති ණය උපරිමය පිළිබඳ ගැටළු හා අවසාන මොහොතේ පිළියම් සෙවීම තුළින් එය මනාව පිළිබිඹු වන බව ද Fitch Ratings ආයතනය පවසයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම