එක් තීරයක් එක් මාවතක් වැඩසටහන බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන දැවැන්ත ව්‍යාපෘතියක්
2023-08-02 09:14:18
Share with:

ශ්‍රී ලංකාවේ පිහිටීම දෙස බැලීමේ දී චීනය ඉදිරිපත් කර ඇති එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන් ප්‍රතිඵල රැසක් අත්කර ගත හැකි බවට තමන් විශ්වාස කරන බව බියගම සංස්කෘතික බල මණ්ඩල සභාපති, බස්නාහිර පලාත් මත්ද්‍රව්‍ය නිවාරණ අංශ උපදේශක ධම්මික ගුණවර්ධන මහතා පවසයි. එය රටේ අඩු ආදායම්ලාභීන් ගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇත. චීනය දැනටමත්,  යුරෝපයේ රටවල් විසිතුනක භාණ්ඩ හුවමාරු කිරීම සඳහා විශාල දුම්රිය ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. එක්  තීරයක් එක් මාවතක් සම්බන්ධ රටවල සමෘද්ධිය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති විශාල පිටුවහලක් වනු ඇතැයි හෙතෙම කියා සිටී. සේද මාවත ඓතිහාසික වශයෙන්  චීනය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භවූවකි. භාණ්ඩ හුවමාරුවෙන් ඇරඹි එය වර්තමානයේ දී එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන දැවැන්ත ව්‍යාපෘතියක් බවට පත්ව ඇතැයි ද ධම්මික ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම