ශ්‍රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළට
2023-08-02 15:08:59
Share with:

මෙරට කිරි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බව රජයට අයත් ප්‍රධාන දේශීය කිරි නිෂ්පාදන සමාගම් අවධාරණය කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01) මෙම කිරි නිෂ්පාදන සමාගම්වල බලධාරින් සමග ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තයේ වර්තමාන තත්ත්වය හා ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කළේය.

ඒ අනුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් පසුගිය මාස හය තුළ එළ කිරි නිෂ්පාදනය ලීටර් 2,599,617 දක්වාත් මිල්කෝ සමාගමේ කිරි ලීටර් 19,152,766 දක්වාත් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරට සාපේක්ෂව මෙම ප්‍රමාණය සියයට 30ක පමණ ඉහළ යාමක් බව එම සමාගම් පෙන්වා දුන්නේය.

මේ වනවිට රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය නතර කරන ලෙස මෙම සමාගම් බලධාරිහු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේය.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම