පළමු මාස 6යේ සංචාරක ආදායම 173%කින් ඉහළට
2023-08-02 15:04:10
Share with:

මේ වසරේ මුල් මාස හය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ආදායම සියයට 173කින් වර්ධනය වී තිබේ. ඉකුත් ජුනි මාසයේදී සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 123ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය වසරේ එම මාසයේදී උපයාගත් ඇමරිකානු ඩොලර් මිලියන 45ට සාපේක්ෂව සියයට 173ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. පසුගිය ජුනි මාසයේ අවසානය වන විට විදෙස් සංචාරකයන් 624,874 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 680ක ආදායමක් උපයා තිබෙන නමුත් මේ වසරේ එම කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 875ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම