ඇතැම් බටහිර රටවල් සේද මාවත සංකල්පයට එරෙහිව එල්ල කරන බලපෑම් සිය ආධිපත්‍ය බිඳවැටීම හේතුවෙන් සිදුකරන කුමන්ත්‍රණ බව පැහැදිලියි
2023-08-01 10:44:34
Share with:

සේද මාවත වැඩසටහන යටතේ මුළු ලෝකයම එක්තරා ආකාරයකට සම්බන්ධ වී ඇතැයි පෙරදිග දේශපාලන විද්‍යාතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති  මහතා පවසයි. ‍‍ශ්‍රී ලංකාවද විවිධ මහ පරිමාණ ව්‍යාපෘති හරහා ඊ‍ට සම්බන්ධ වී තිබේ.

වසර 2013 දී චීනය ආරම්භ කළ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ ඉදිවූ හම්බන්තොට වරාය ඉන් එක් වැදගත් මහ පරිමාණ ව්‍යාපෘතියකි. කාලයක් පුරා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබූ මෙම ව්‍යාපෘතියට අවම කොන්දේසි යටතේ චීන ආධාර ලබාගැනීමට හැකිවීම ජයග්‍රහනයකි.

කොළඹ වරාය නගරය ද චීන ආයෝජනයකි.  වෙනත් රටවල් සමග ශ්‍රී ලංකාවට ගනුදෙනු කිරීමේ දී ද සේද මාවත පිටුවහලක් වී ඇත.  මෙවැනි යටිතල පහසුකම් රැසක් වර්ධනය වී තිබේ. ඉදිරි කාලයේදී තාක්ෂණික වශයෙන් මෙන්ම ආර්ථික අංශයෙන්ද සංස්කෘකික හා අධ්‍යාපනික ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ආයේජන සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි වර්ධනාත්මක කටයුතු ලොව පුරා ක්‍රියාත්මක කිරීමට සේද මාවත සාර්ථක ක්‍රමවේදයක් බව ආචාර්ය වරුණ චන්ද්‍රකීර් ති මහතා සඳහන් කරයි.

ඇතැම් බටහිර හා රටවල් මගින් සේද මාවත සංකල්පයට එරෙහිව එල්ලකරන බලපෑම් සිය ආධිපත්‍ය බිඳවැටීම හේතුවෙන් සිදුකරන කුමන්ත්‍රණකාරී ක්‍රියාවන්ය. ශ්‍රී ලංකාව එම බලවේගවලට සහ ප්‍රචාරවලට නතුවිය යුතු නොවේ. බටහිර රටවල මාධ්‍ය බලය භාවිත කරමින් නොයෙත් ප්‍රචාර සිදු කළද එය චීනයට බලපෑමක් නොවේ. චීනය සෙසු රටවලට ආධාර කරනවා විනා කිසිදා වෙනත් රටවල් ආක්‍රමණය කිරීමට කටයුතු නොකරන රටක් බව චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම