ජපානය "2023 වසරේ ආරක්‍ෂක ධවල පත්‍රිකාව"සම්මත කරයි
2023-08-01 20:00:06
Share with:

මෑතකදී ජපාන රජය "2023 වසරේ ආරක්‍ෂක ධවල පත්‍රිකාව"සම්මත කර ඇත."දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුම සහ සංකීර්ණම ආරක්‍ෂක පරිසරයට ජපානය මුහුණ දෙමින් සිටීම "පිළිබඳව එම ධවල පත්‍රිකාවේ සඳහන් වේ.එමෙන්ම "පෙර නොවූ ආකාරයේ විශාලතම උපාය මාර්ගික අභියෝගයක්" ලෙසට චීනය හඳුනා ගන්නා බවද ධවල පත්‍රිකාවේ සඳහන් කෙරිණ.එම පිටු 500කට වැඩි පත්‍රිකාව ලෝකයේ විවිධ රටවල යුද තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී චීන තත්ත්වය විස්තර කිරීම සඳහා පිටු 31ක් යොදාගෙන ඇත.

එම ඊනියා ආරක්‍ෂක ධවල පත්‍රිකාව ජපානයේ ආරක්ෂක පරිසරය හා ජාතිකාරක්ෂක ප්‍රතිපත්තියේ වාර්ෂික නිල ලේඛනයකි. දිගු කාලීනව එය ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තියේ " සුළං හමන දිශාව " ලෙස සැලකේ.

චීනය හා සම්බන්ධ ප්‍රශ්න කෙරෙහි එම ආරක්ෂක ධවල පත්‍රිකාව   ඊනියා "චීන තර්ජනය" යන පැරණි කතාව අනුගමනය කර නව ආරක්ෂක පරිසරය පිළිබඳ තක්සේරුව ද එක් කර තවදුරටත් ප්‍රතිචාර දක්වා ඇත. මේ අතරම එම ධවල පත්‍රිකාව තුළ "ජපාන-ඇමරිකා සන්ධානය" යන වචන නිතරම දැකිය හැකිය.ඇමරිකාවේ නැගෙනහිර ආසියා ආරක්ෂක ප්‍රතිපත්තියට මනා ලෙස සේවය කරන එම පත්‍රිකාවෙන්, චීන යුද හමුදා නිසි සංවර්ධනයට හා මෙහෙයුම්වලට මඩ ගැසීම සිදු කර ඇත.චීනයේ තායිවාන ප්‍රශ්නය කෙරෙහි චීන අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වූ එම ධවල පත්‍රිකාව මගින් ජපානය ඇමරිකාවට කෙරෙහි ඇති පක්ෂපාතීත්වය පෙන්වා දෙයි.

නව ආරක්ෂක ධවල පත්‍රිකාව මගින් ජපානය සිය රටේ අවට තර්ජන අයුතු ලෙස නිර්මාණය කරමින් ආරක්‍ෂක අයවැය වැඩි කිරීම හා දිගු දුර ප්‍රහාරක හැකියාව වර්ධනය කිරීම ප්‍රකාශයට පත්කරණු ලැබීය. ජපානයේ එවැනි භයානක ක්‍රියාවන් ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයක් හා ඉහළ සුපරීක්ෂාකාරීත්වයක් ඇති කර තිබේ.

ඉදිරියේදී චීනය සම්බන්ධයෙන් කුමන ආකාරයේ අවබෝධ ගොඩනැඟුව ද, දෙරට අතර පවතින වැදගත් කටයුතු සම්බන්ධයෙන් ජපානය ඊට පෙර ලබා දුන් ප්‍රතිඥා ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජපාන රජය පරිස්සමෙන් කල්පනා කළ යුතු ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම